Covid-19

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

මාතල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ දෙකක් ජුලි 08 වැනි දින උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව, මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමට අයත් අගලවත්ත ග්‍රාමය හා හරස්ගම ග්‍රාමය හුදකලා කර තිබෙනවා.

එමෙන්ම, ප්‍රදේශ කිහිපයක හුදකලා බව ජුලි 08 වැනි දින උදෑසන සිට ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින් දැක්වේ.

මඩකලපුව දිස්ත්‍රික්කය

  • කාත්තණ්කුඩි පොලිස් බලප්‍රදේශයේ,
    • කාත්තන්කුඩි කොටස 4 164
    • කාත්තන්කුඩි කොටස 5 164A
    • කාත්තන්කුඩි කොටස 5 දකුණ 164B
    • නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර 162A
    • කාත්තන්කුඩි කොටස 6 බටහිර 162B

මාතලේ දිස්ත්‍රික්කය

  • මහවෙල පොලිස් බලප්‍රදේශයේ,
    • නිකගොල්ල E 333
    • නිකගොල්ල උතුර E 333/A
To Top