කොවිඩ්-19

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් දීම අත්හිටුවයි

කොළඹ මහ නගර සභා සීමාව තුළ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දීම අත්හිටුවා තිබෙනවා.

කොළඹ මහ නගර සභාව නිවේදනය කළේ, ඉදිරි දින කිහිපය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලැබීමට නියමිත බැවින් මෙලෙස ජුලි 07 වන දින ආරම්භ කළ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වසය අවුරුදු 55 ත් 69 ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සිදු නොකරන බවයි.

මේ අතර, යුද හමුදාපතිවරයා ද සඳහන් කළේ, ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට දෙවන මාත්‍රාව ලෙස යුද හමුදාව විසින් ෆයිසර් ලබා දීම අත්හිටුවා ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජුලි තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ලැබීමට නියමිත බවයි.

මේ අතර, ජුලි 07 වන දිනය තුළ දී මෙරට පුද්ගලයින් 189,918 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දී තිබෙනවා. ඒ අතර, ජුලි 08 පළමු වරට මෙරට භාවිතයට ගත් ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයින් 2171 දෙනෙකු ද වේ.

කොවිශීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 80 දෙනෙකු සඳහා ද, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 151,750 දෙනෙකු සඳහා ද, එහි දෙවන මාත්‍රාව 35,892 දෙනෙකු සඳහා ද ලබා දී තිබෙනවා. ඒ අනුව, මෙරට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති මුළු සංඛ්‍යාව 1,322,699ක් වේ.

Rivira FB Group Rivira Youtube
To Top