දේශීය පුවත්

බැසිල් මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වු එම පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජුලි 08 වැනි දින පෙරවරුවේ දී මුදල් අමාත්‍ය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබෙනවා.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර නව අමාත්‍යංශ පිළිබඳ නිවේදනය කරමින් ජූලි 07 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එය මෙතැනින්.

Rivira FB Group Rivira Youtube
To Top