දේශපාලන

මුදල් ඇමති බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජූලි 08 දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

බැසිල් රාජපක්ෂ මහතා මුල් වරට පාර්ලිමේන්තු පැමිණියේ 2007 වසරේ දී ජාතික ලැයිස්තුව නියෝජනය කරමිනි. පසුව 2010 මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා වාර්තාගත මනාප ප්‍රමාණයක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු වැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. අනතුරුව 2015 සහ 2020 මහමැතිවරණවල දී ඒ මහතා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටියේය. කෙසේ නමුත් විවිධ පාර්ශ්වවලින් පැමිණී ඉල්ලීම් හමුවේ යළිත් පාර්ලිමේන්තුවට පිවිසීමට ගත් තීරණය අනුව ඔහුට අද මුදල් අමාත්‍යධූරය ද හිමිවිය.

රිවිර.lk ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා නව ධූරයන්වල දිවුරුම් දෙන අවස්ථාවලදී බොහෝ තැන්වල රතිඤ්ඤා දමමින් පොහොට්ටුවේ පාක්ෂිකයින් සිය සතුට ප්‍රකාශ කර ඇති බවයි. එසේම දිවයින පුරා විවිධ සැමරුම් ද ඒ වෙනුවෙන් පැවැත්වෙන අයුරු දැකගත හැකි බව ඔවුන් පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top