Covid-19

විදෙස්ගතවිමට බලාපොරොත්තු වන සිසුන්ට හා මන්නාරමේ ධීවරයින්ට ෆයිසර් එන්නත

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඇතැම් රටවල් ෆයිසර් එන්නත පමණක් පිළිගැනීමට ඊට හේතුව බවයි.

එවැනි සිසුන් 1130ක් පමණි ජුලි 08 වන දිනය වන විට කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඇති බවත් ඔවුන්ට යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි. අනෙක් පිරිසට ද ජුලි 09 හා 10 යන දෙදින තුළ එන්නත ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

එමෙන්ම, විදෙස්ගත වීමට බලාපොරොත්තු වන සිසුන් 2015ක් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බවත් ඔවුන්ටත් රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයින්ටත් සයිනොෆාම් එන්නත ලබා දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා පැවසුවා.

දැනට මෙරටට ලැබී ඇති ෆයිසර් එන්නත් මාත්‍රා 26,000න් විදෙස්ගත වන සිසුන්ට ලබා දුන් පසුව ඉතිරි වන ෆයිසර් එන්නත් මාත්‍රා මන්නාරම ප්‍රදේශයේ ධීවරයින්ට ලබා දීමට බලාපොරොත්තු වන බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි. මන්නාරම හා උතුරු ප්‍රදේශවල සිටින ධීවරයින් ඉන්දියාවේ පුද්ගලයින් සමඟ නිරන්තරයෙන් ගැටෙන බවට ලැබෙන තොරතුරු හේතුවෙන් ඔවුන්ට එන්නත්කරණය කිරීම තීරණය කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ජුලි 07 වන දින සිදු කළ අතර පසුව එය අත්හිටුවනු ලැබුවේ ජුලි මාසයේ තුන්වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.4ක් ලැබීමට නියමිත බවට එදින පස්වරුවේ දී ජනාධිපතිවරයා විසින් දැනුම් දීම හේතුවෙන් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

සම්බන්ධිත පුවත්

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top