රට පුරා ගොවීන් මුහුණ දී සිටි පොහොර අර්බුධය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පසුගිය දින කිහිපය තුළ රටපුරා උද්ඝෝෂණ පවත්වමින් සිටි අතර එක්වරම එම මාතෘකාව අත් හරිමින් යෝජිත “කොතලාවල පනත” සම්බන්ධයෙන් එම දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන සිය අවධානය යොමු කිරීම හේතුවෙන් තම ගැටළු යට ගැසීමේ උත්සාහයක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ගොවි සංවිධාන පෙන්වා දෙති.
ගොවි සංවිධාන පවසන්නේ එම දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තමන්ගේ කර මතින් දේශපාලනය කිරීමට පමණක් උත්සාහ ගත් බව තමන්ට දැන් වැටහෙන බවයි. ඇතැම් ගොවීන් එවැනි දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අමතා ඉදිරි පියවර සම්බන්ධයෙන් විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ දැන් “පොහොර ප්‍රශ්නය” මාකට් කළ නොහැකි බවක් යැයි ද ගොවීන් පෙන්වා දෙනවා. ඔවුන්ට අවශ්‍ය මාකට් කළ හැකි ප්‍රශ්නය වී ඇත්තේ “කොතලාවල පනත” බව ඔවුන්ගේ මතය වී ඇතැයි ගොවීන් පවසන්නේ සිය ගැටළු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් පමණක් භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වෙමිනි.
ගොවීන් පෙන්වා දෙන්නේ රටේ ඇමතිධූර මාරු වීමත් සමග තමන් සමග කටයුතු කළ දේශපාලන පක්ෂ තමන්ව හා පොහොර ප්‍රශ්නය අත්හැරීම සම්බන්ධයෙන් සැක මතුවන බවයි. විපක්ෂය නියෝජනය කරන එම දේශපාලන පක්ෂ සිදුකළේ ආණ්ඩුවේ දේශපාලන කොන්ත්‍රාත්තුවක්දැයි තමන් සැක පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

