අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා, හා තවත් මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු කොන්දේසි සහිතව ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණි අබේවික්‍රම මහත්මිය ජුලි 09 වැනි දින නියෝග කර තිබෙනවා.
සැකකරුවන්ගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බව පැවසූවාය.
ඒ අනුව, එක් අයෙකුට රුපියල් 25,000 මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙ.ව. 9.00 – 12.00 අතර කාලයේ දී කාන්තා හා ළමා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවට ද අධිකරණය නියම කළේ ය.
එම සැකකරුවන්ට අදාළ නඩුව නැවත අගෝස්තු මස 19 කැඳවන බව ද අධිකරණය නියම කළේය.
සම්බන්ධිත පුවත්
- 15 හැවිරිදි දැරිය අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට
- 15 හැවිරදි දැරිය ලිංගික අපයෝජන කළ සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවට
- මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොහොට්ටුවෙන් පන්නයි
- 15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා අලෙවි කළ සිද්ධියට ප්‍රා. සභා උප සභාපතිවරයෙක් අත්අඩංගුවට
- 15 හැවිරිදි දියණිය ලිංගික ජාවාරමේ යෙදවූ මව ඇතුළු 17ක් අත්අඩංගුවට

