කොවිඩ්-19

සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරයි, විවාහ උත්සව සඳහා අවසර

දැනට පවත්නා සංචරණ සීමා ජුලි 10 වන දිනයේ සිට තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, දැනට පවත්නා අන්තර් පළාත් සංචරණ සීමාවන් තව දින 14ක් කාලයක් සඳහා දීර්ඝ කර ඇති අතර පල්ලි, පන්සල් හා කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී ඇත.

එමෙන්ම, මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා දී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 25ක් හෝ උපරිම පුද්ගලයින් 150ක සීමාවකට යටත්ව පැවැත්විය හැකිය.

Rivira FB Group Rivira Youtube
To Top