දේශීය පුවත්

රසායනික පොහොර ‍ගෙන්වීමට රජය අවසර දී ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රජය විසින් රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය අවසර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කරයි.

රජය විසින් රසායනික පොහොර ගෙන්වීම සඳහා අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් කිංස්ලි රත්නායක මහතා පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top