කාලගුණ

තද සුළං හා වැසි හේතුවෙන් පුද්ගලයෙක් මිය යයි, දෙදෙනෙකුට තුවාල

දිස්ත්‍රික්ක 06කට බලපා ඇති දැඩි සුළං හා වැසි තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ, නුවරඑළිය, මහනුවර, කොළඹ, රත්නපුර, ගාල්ල හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල පවුල් 1403කට අයත් පුද්ගලයින් 5777 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි. ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 142කට අර්ධ හානි සිදුව තිබෙනවා.

කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා තවදුරටත් අවදානම් මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. කළු ගඟ රත්නපුරයෙන් ද නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද සුළු ගං වතුර තත්ත්වයක පවතියි.

එමෙන්ම, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් 12,000ක් වාර්තා වූ බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top