Covid-19

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගෙන එයි

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ජුලි 11 වන දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකක් චීනයේ බීජිං අගනුවර සිට අලුයම 5.10ට සහ අලුයම 6.40ට මෙම එන්නත් රැගෙන ආ බවයි වාර්තා වන්නේ. මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා විදේශයකින් එකවර ලැබුණ වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය මෙයයි.

මෙම එන්නත් තොගය මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව නොලැබුණ අයට ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම සයිනොෆාම් එන්නත් තොගයත් සමඟ මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 71ක් දක්වා ඉහළ යනු ඇති.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top