News

ජපානයේ රැකියා දෙන බව කියා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට

ජපානයේ රැකියා දෙන බව කියා පුද්ගලයින් රැවටූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් නවගමුව පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 485,000ක් සහ රුපියල් 361,000ක මුදල් වංචා දෙකක් සම්බන්ධයෙන් නවගමුව පොලීසිය වෙත ලැබුණු පැමිණිලි වලට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය සතුව පුද්ගලයින් සිව් දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර සොයා ගෙන තිබෙනවා.

පසුව සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ අදාළ සැකකාරිය විසින් මිට පෙර අවස්ථා කිහිපයක දී ම පුද්ගලයින් විවිධ රටවලට යවන බව පවසා මුදල් වංචා කර ඇති බවයි. අදාළ කාන්තාව සම්බන්ධයෙන් විවිධ අධිකරණවල නඩු 32ක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. එමෙන්ම, ඇයට එරෙහිව වරෙන්තු 17ක් ද අධිකරණ මඟින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

සැකකාරිය ජුලි 11 වන දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීට පෙර වරෙන්තු නිකුත් කර ඇති අධිකරණ වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top