2021 වසරේ ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාගයන් සඳහා මේ වන විට දැනුම් දී ඇති දින පිළිබඳ නැවත සලකා බැලීමක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 03 වැනි දිනයේ දී ත් අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගය ඔක්තෝම්බර් 04 වැනි දින ආරම්භ කෙරෙන බවත් ජුලි 09 වැනි දින අධ්‍යාපන ලේකම්වරයා විසින් නිවේදනය කරන ලදී.
නමුත් විභාග පැවැත්වීම පිළිබඳව මත දෙකක් මතුව ඇති බව පසුව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළා. ඒ අනුව, තාක්ෂණික උපදෙස්වලින් අනතුරුව නම්‍යශීලි සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගත යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා එහිදී පැවසුවා.
