News

හෙට සිට ඔන්ලයින් ඉගැන්වීම් කරන ගුරුවරු වැඩ වර්ජනයක

මේ වන විට මාර්ගගතව ඉගැන්වීම කටයුතු සිදු කරන ගුරුවරුන් ජුලි 12 වන දින සිට එම කටයුතු වලින් ඉවත්වන බවට ගත් තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ගුරු වෘත්තීය සමිති සඳහන් කරයි. විරෝධතාවයේ නිරත වු වෘත්තීය සමිති නියෝජිතයින් අනීතිකව රඳවා තබා ගැනිම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිත 14ක් එක්ව තිබෙනවා.

මේ වන විට මුලතිව්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිමින් විරෝධතාවයේ නිරත වෙයි. ජෝශෆ් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ තිබෙන සම්පත් උපයෝගි කරගනිමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් නොයෙක් සටන් පාඨ ලියූ වැකි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වේ.

මේ අතර, නිරෝධායනය වන එම පිරිසට ඇඳුම් හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දිමට යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඇතුළු පිරිසක් කටයුතු කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top