දිස්ත්රික්ක 4කට අයත් ප්රදේශ කිහිපයක් ජුලි 12 වන උදෑසන 6.00 සිට ක්රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කොළඹ දිස්ත්රික්කයේ පිළියන්ද තුම්බෝවිල උතුර ග්රාම නිලධාරි වසමේ කරදියානවත්ත ගම හුදකලා කර තිබෙනවා. ඊට අමතරව මහනුවර දිස්ත්රික්කයේ සුදුහුම්පොළ ප්රදේශ කිහිපයක්, අම්පාර පොතුවිල් 13 ග්රාම නිලධාරි වසමේ කොටසක් හා යාපනයේ පේදුරුතුඩුවේ වඩමාරච්චි උතුර ද හුදකලා කර තිබෙනවා.
එමෙන්ම, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්රක්කවල ප්රදේශ 02ක් හුදකලා බවින් මුදා හැර තිබෙනවා.


