News

හලාවත නගර සභාවේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට

හලාවත සේදවත්ත ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මෙම සිද්ධිය ජුලි 11 වන දින රාත්‍රී 8.45ට පමණ සිදුව ඇති අතර පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට පත් වූ හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ අනෙක් සැකකරු ජුලි 12 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top