Covid-19

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් ජුලි 12 වන දින අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ඇමරිකාවේ සිට මෙම එන්නත් තොගය ගුවන් මඟින් කටාර් වෙත යවා ඉන්පසු දෝහා කටාර් ගුවන් සේවයේ යානයක් මඟින් ජුලි 12 වන දින අලුයම 2.35ට පමණ ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කරයි.

මෙම එන්නත් තොගය විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මඟින් ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ෆයිසර් එන්නත් තොගයත් සමඟ මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ගණන 52,000ක් වේ. එමෙන්ම, මේ දක්වා ෆයිසර්, සයිනොෆාම්, ඇස්ට්‍රාසෙනෙකා, ස්පුට්නික් V යන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 8,571,000ක් ලැබී තිබේ. ඉන් මාත්‍රා 5,330,492ක් පුද්ගලයින් වෙත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

To Top