වෛද්‍යවරියකගේ නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රාගම පොලීසිය මඟින් අදාළ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අදාළ වෛද්‍යවරිය සේවය නිමා කර සිය රාත්‍රී 8.45ට පමණ නේවාසිකාගාරයේ ඇඳුම් මාරු කරමින් සිටිය දී එම සැකකාර වෛද්‍යවරයා විසින් ඡායාරූප ගෙන ඇති බව වාර්තා වේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ජුලි 11 වන දින අදාළ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහිදී, සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණ නියෝග කර ඇත.
එම වෛද්‍යවරයා මීට පෙර රාගම ශික්ෂණ රෝහලේ සේවය කර ඇති බවත් සැකකරු 35 හැවිරිදි සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කරයි. මෙම සිද්ධියෙන් පසු අදාළ වෛද්‍යවරයාට විරුද්ධව එවැනි ආකාරයේ තවත් සිද්ධීන් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

