දේශීය පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නැව නිසා පීඩාවට පත් ධීවරයින්ට වන්දි ගෙවීම අද සිට

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් පීඩාවට පත් වූ ධීවරයින් වෙනුවෙන් වන්දි ලබා දීම ජුලි 12 වන දින සිට ආරම්භ වෙනවා.

ඒ අනුව, කෝටි 42ක මුදලක් ධීවරයින් 16,000ක් වෙනුවෙන් ලබා දීමට නියමිතයි. නෞකාව ගිනි ගැනිම හේතුවෙන් ධීවරයින්ට ලැබෙන සමස්ත වන්දි ලැබෙන තුරු ඉල්ලා සිට අතුරු වන්දිය මෙලෙස ධීවරයින් වෙනුවෙන් ලබා දෙන බවයි ධීවර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසුවේ.

අදාළ මුදල් චෙක්පත් මඟින් ලබා නොදෙන අතර බැංකු මඟින් ගිණුම්ගත කිරීම පමණක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rivira FB Group Rivira Youtube
To Top