අධ්‍යාපනය

අගෝස්තු මාසයේ දී පාසල් විවෘත කිරීමේ සූදානමක්

එළැඹෙන අගෝස්තු මාසයේ සිට පාසල් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව, පාසල් විවෘත කිරීමට පෙර සියලුම ගුරුවරුන් එන්නත්කරණය කිරීම රජයේ ඉලක්කය බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ජුලි 12 වන දින ගුරුවරුන්ට එන්නත් ලබා දීමේ වැඩසටහන සඳහා එක් වූ අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, “අපේ රටේ ඉන්නවා ගුරුවරු 242,000ක්. දැනටම ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට එන්නත දීලා ඉවරයි. මේකේ අරමුණ තමයි හැකිතාක් ඉක්මනට අපේ රටේ පාසල් යළි විවෘත කිරීම. පියවරෙන් පියවර සියලුම අවස්ථාවලදී සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව. අගෝස්තු මාසයේ දී අපි බලාපොරොත්තු වෙනවා මෙහි ප්‍රථම පියවර ගැනීමට. අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අවශ්‍ය දෙයක්”

Rivira FB Group Rivira Youtube
To Top