කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙක් මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඉන් එක් ආසාදිතයෙකු දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ කිරිඳිවැල්ල හිත්ඇල්ල තිවානකන්දෙහි පදිංචි නාවික හමුදා නිලධාරියෙකි.
අනෙක් ආසාදිතයා කොළඹ විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද ජෛව සාම්පල පරීක්ෂාවක දී හඳුනාගෙන ඇති බවත් ඔහු කුමන ප්‍රදේශයක ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා පවසයි.
දොම්පේ ප්‍රදේශයෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත නාවික හමුදා නිලධාරියා බූස්ස නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 26 වැනිදා සිය නිවසට පැමිණ යළිත් 28 වන දින කඳවුරට ගොස් ඇත. ඒ අනුව, නාවික හමුදා නිලධාරියා පදිංචි ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත වූ 179 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇත.
මෙම ආසාදිතයින් දෙදෙනා සමඟ මෙරට දැනට තහවුරු කර ඇති ඩෙල්ටා ආසාදිතයින් ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

