News

බෝනික්කෙතු තුළ සඟවා කුඩු බෙදන ජාවාරමක් හෙළි වෙයි

කුරියර් සේවාවක් මඟින් බෝනික්කෙකු තුළ සඟවා කුඩු බෙදා හැරීමට තැත් කළ කොම්පඤ්ඤවීදියේ පදිංචි ‘කුඩු නෝනි’ නම් සැකකාරියක් හා සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝනික්කෙකු තුළ සඟවා එය ත්‍යාගයක් ලෙස හඟවමින් ඔවුන් මෙය බෙදා හැරීමට තැත් කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ සැකකාරියට අයත් කඩුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 56ක් සොයා ගැනීමට හැකි වූ බවයි.

මෙම ජාවාරම පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව අදාළ පාර්සලය පොලීසිය භාර ගෙන එම පාර්සලය භාර දිමට පැමිණි සැකකාරිය හා එය භාර ගැනීමට නියමිතව සිටි අනුරාධපුර ප්‍රදේශයේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය හා සැකකරු අධිකරණ නියෝගයක් මත රඳවා ගෙන ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

To Top