එළඹෙන මහ කන්නයට තමා විසින්ම කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැන සඳහා යොදා ගන්නා ගොවියන් වෙනුවෙන් දිරි දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, කාබනික පොහොර නිෂ්පාදනය කර තම ගොවිතැනට යොදාගන්නා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමයකට යටත්ව හෙක්ටයාර 02ක් හෙවත් අක්කර 05ක් සඳහා දිරිදීමනාවක් ගෙවීමට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

