ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල තමන්ම තමන්ට එරෙහි වන අවස්ථාවලට උදාහරණ නිතර අසන්නට දකින්නට මෙරට දේශපාලනඥයින්ගේ හැසිරීමත් සමගයි. ජූලි 13 දිනැතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරනු ලැබ ඇති මාධ්‍ය නිවේදනයක් සමග ෆේස්බුක් පිටුවේ තැබූ සටහනින් ඔහු කියා සිටින්නේ “යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත නිදහස් අධ්‍යාපනයට මරු පහරක්” බවයි.
කෙසේ වෙතත් අදාළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත කෙටුම්පත කර ගැසට් පත්‍රයේ පල කර තිබෙන්නේ ඔහු ද ප්‍රබල අමාත්‍යධූරයක් දැරූ යහපාලන රජය පැවති සමයේ දී වන අතර එවකට මෙම පනත සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට සජිත් ප්‍රේමදාස කටයුතු කර නැත. ඒ එකල ඔහු එම රජයේ අමාත්‍යධූරය වරප්‍රසාද ලබා සිටි නිසාදැයි නොදන්නා නමුත් මේ වනවිට ඇතැම් දේශපාලන පක්ෂ හා ඇතැම් ශිෂ්‍ය සංගම් එම පනතට එරෙහිව සිය විරෝධතාවය ඉදිරිපත් කර ඇති පසු බිමක විපක්ෂ නායකධූරයේ සිටින සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස මාධ්‍ය නිවේදනයක් පළ කරමින් එම සටනට එක් ව සිටින්නේ හුදු දේශපාලනික ලාබ ප්‍රයෝජන සඳහාදැයි නොදනී. මන්ද මෙම දේශපාලන පක්ෂ හා ශිෂ්‍ය සංවිධාන විසින් සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධූරයක සිටිය දී ද මෙම පනතට එරෙහිව විරෝධතා පැවැත් වුවද එකල සජිත් ප්‍රේමදාස මහතා නිහඬව සිටීම මෙම අවස්ථාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඊට තවත් හේතුවක් වන්නේ 2018 ඉදිරිපත් කළ කෙටුම්පත එලෙසම ඉදිරිපත් කර ඇති පසුබිම මෙම නිවේදනය නිකුත් කිරීමයි.
ආණ්ඩු විරෝධී මතයක් ගොඩ නැගිය හැකි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක එමගින් “කල දුටු කල වල ඉහ ගැනීමේ” ක්‍රියාන්විතයක සජිත් ප්‍රේමදාස මහතා නිරතව සිටින බව මෙම නිවේදනය දුටු විට හැඟී යන බව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිවිර.lk වෙත සඳහන් කළා.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පළමුව රත්මලාන ප්‍රදේශයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලදී. 1988 අංක 27 දරන සංශෝධන පනත මගින් එය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලද අතර 2007 අංක 50 දරන සංශෝ්ධනයෙන් එය විශ්වවිද්‍යාලයක් ලෙස නම් කර තිබෙනවා.
මෙම කීර්තිමත් විශ්ව විද්‍යාලය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (එක්සත් රාජධානියේ) සාමාජිකතත්වය දරන අතර වන අතර නවීන ආරක්ෂක කළමනාකරණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා කෙඩෙට් නිලධාරින්ට දැනුම හා පුහුණුව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් පවත්වාගෙන යයි.
ආරක්ෂක හා උපක්‍රමික අධ්‍යයන, ඉංජිනේරු, නීතිය, කළමනාකරණ, සමාජ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පරිගණක, සම සෞඛ්‍ය විද්‍යාව, නිර්මිත පරිසරය සහ අවකාශීය විද්‍යාව හා පර්යේෂණ හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති හමුදාමය නොවන බාහිර සිසුන් සඳහාද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙතින් එම පාඨමාලා හැදෑරිය හැක.


