දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය දැන ගැනීම ජනතාවගේ අයිතියක් – කාදිනල් හිමියන් ජනපතිට කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය දැන ගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ඒ පිළිබදව වහාම රටට හෙළි කිරීම රජයේ වගකීමක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු නොසැලකිලිමත් අන්දමින් මෙන්ම කිහිප දෙනෙකු උසාවියට රැගෙන ඒම තුළින් විමර්ශන අවසන් බව පැවසීමට ඉඩ නොදෙන බව ද අගරදගුරු හිමියන් පවසනවා. ඒ සඳහා, දැනට ක්‍රියාත්මක විමර්ශනයට වඩා, ස්වාධීන වු සක්‍රීය විමර්ශනයක් සිදු කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙම අදහස් පළ කළේ, ජුලි 13 වන දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ය.

එමෙන්ම, පාස්කු ප්‍රහාරයට පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවල දැනට තිබෙන තත්ත්වය විග්‍රහ කරමින් අගරදගුරුතුමන් ප්‍රමුඛ කතෝලික සභාව ජනාධිපතිවරයා වෙත පිටු 19කින් යුත් දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top