News

මුහුණු ආවරණ නොමැතිව දුම්රියේ යන්න හැදූ තරුණයින් දෙදෙනෙක් දුම්රිය නියාමකට පහරදෙයි

මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ගොඩ වීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජුලි 13 වන දින උදෑසන වාද්දුව සිට රාගම බලා ධාවනය කළ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේ දී නතර කළ අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ තරුණයින් දෙදෙනා දුම්රියට ගොඩ වීම වැළැක්විමට උත්සාහ කළ අදාළ දුම්රිය නියාමකවරයා වෙත පහර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පහරදීමෙන් තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ද ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුව අදාළ පහරදීම සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 24 යන වයස්වල පසුවන්නන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුලි 14 වන දිනයේ දී ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොදු ස්ථානවල මෙන්ම පොදු ප්‍රවාහනයේ දී ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවත් එලෙස කටයුතු නොකරන පුද්ගලයින් හට එම වරද පෙන්වා දෙන රජයේ නිලධාරීන්ට මෙවැනි ආකාරයෙන් සාපරාධී බලහත්කාරය බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top