අපරාධ වාර්තා

කොට්ටාව නිවසක වළ දමා තිබූ කෝටි එකහමාරකට අධික මුදලක් සොයා ගනියි

දැනට ඩුබායිහි සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ගේ සහයකයෙක් බව කියන චරිත් සඳකැලුම් හෙවත් ‘රන් මල්ලී’ නමැත්තාගේ බිරිඳගේ සහෝදරයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිටි කොට්ටාව, හිරිපිටිය ප්‍රදේශයෙන් නිවසක වළ දමා තිබූ එක්කෝටි 39 ලක්ෂයක මුදලක් ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා පිළිබඳව ලැබුණු තොරතුරු අනුව මෙම නිවස වටලා පරීක්ෂා කිරීමේ දී මෙම මුදල් තොගය සොයා ගෙන තිබෙනවා.

‘රන් මල්ලී’ හා ‘හරක් කටා’ නමැති පුද්ගලයින් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර ඔවුන් දෙදෙනාම එක් වී මෙරටට මත්කුඩු එවන බව ද බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා හා මුදල් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට රැගෙනවිත් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Rivira FB Group Rivira Youtube
To Top