ශ්‍රී ලංකා පරිපාලන සේවය සඳහා නව නිලධාරීන් 192ක් බඳවාගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.
නිලධාරීන් 203 දෙනෙකු බඳවා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් සැළසුම් කර තිබූ අතර විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ තරඟකාරී විභාගයෙන් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් සමත් වූ 199 දෙනෙකු ඊට සුදුසුකම් ලැබූ අතර ඉන් 192ක් පමණක් පත් වීම් ලබාගෙන ඇත.
එම පිරිස ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ හා අනුරාධපුර, නුවර හා ගාල්ල පිහිටි ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 4ක 2021 අගෝස්තු 02 දින සිට පුහුණුවට යොමු කර ඇත.


