ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පළමු කැබිනට් සංශෝධනය ඉතා ඉක්මණින් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව රිවිර.lk වෙත වාර්තා වේ.
ඒ අනුව, ප්‍රබල අමාත්‍යංශ රැසක් සංශෝධනය වීමට නියමිත අතර නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අලුතින් දිවුරුම් දීමට ද නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ අනුව, නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දැනට වැවිලි අමාත්‍යධූරය දරන වෛද්‍ය රමේෂ් පතිරණ පත් කිරීමට නියමිත අතර වැවිලි අමාත්‍යධූරය සඳහා දැනට ජනමාධ්‍ය අමාත්‍යධූරය දරන කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත් කිරීමට නියමිතයි.
ඒ අනුව දැනට විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ඩලස් අලහප්පෙරුම, ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිත අතර දැනට සෞඛ්‍ය අමාත්‍යධූරය දරන පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිතයි.
දැනට අධ්‍යාපන අමාත්‍යධූරය දරන මහචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිත අතර දැනට එම අමාත්‍යධූරය දරන දිනේෂ් ගුණවර්ධන උසස් අධ්‍යාපන අමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අධ්‍යාපන අමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිත බව ද ආරංචි මාර්ග පෙන්වා දෙන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සංචාරක අමාත්‍යධූර සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

