ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ රාජගිරියේ පිහිටි නේවාසිකාගාරය තුළ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී සිසුන් කිහිප දෙනෙකුම ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නේවාසිකාගාර සංගමය විසින් අගෝස්තු 11 දින නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපියෙන් නේවාසිකාගාර සංගමය පෙන්වා දෙන්නේ මෙලෙස සිසුන් ආසාදිත වීමත් සමග නේවාසිකාගාරයේ රැඳී සිටින සිසුන් පිරිසකට සුපුරුදු පරිදි මීට පෙර පෙනී සිටි විභාග ශාලා තුළ පෙනී සිටිය නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.
ඔවුන් චෝදනා කර සිටින්නේ මේ සම්බන්ධයෙන් නීති විද්‍යාල පරිපාලනය විධිමත් ලෙස දැනුවත් කළ ද ඔවුන් කිසිඳු පියවරක් ගෙන නැති බවටයි. එසේම එම ආසාදිතයින්ගේ ඍජු ආශ්‍රිතයින් වන විභාගයට මුහුණ පෑමට නියමිත සිසුන්ට පවා දැනට නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණ විභාගයට මුහුණ දෙන මෙන් දන්වා තිබීඹ තවත් පිරිසකගේ ජීවිතය ද අවදානමක් තත්වයකට ඇද දැමීමක් බව ඔවුන් පෙන්වා දෙනවා.
රටේ පවතින තත්වය තුළ විශාල වශයෙන් සිසුන් එක්රැස් කරමින් විභාග පැවැත්වීම සම්බන්ධයෙන් නීති විද්‍යාලය දැනටමත් විශාල කතා බහකට ලක්ව ඇති වාතාවරණයක් තුළ විභාගය පවතින අතරතුර පැන නැගිය හැකි මෙවන් ගැටලු සම්බන්ධයෙන් පරිපාලනය තවමත් නිසි අවධානයක් යොමු නොකර කෙසේ හෝ විභාගය අවසන් කර දැමීමේ චේතනාවෙන් කටයුතු කිරීම සිදු නොවිය යුතු බව එම සංගමයේ හැඟීම බව ද ඔවුන් පවසනවා.

විභාගය පවත්වන්නේ සෞඛ්‍යාරක්ෂිතවයි, සිසුන් 1500ක් කොළඹ කැඳවා පවත්වන නීති විද්‍යාල විභාගය කල් දැමීමේ සූදානමක් නෑ
1500ක් කොළඹ කැඳවා පවත්වන නීති විද්‍යාල විභාගයට එරෙහිව ශිෂ්‍ය සංගමයෙන් පෙත්ස
මක්

