අධ්‍යාපනය

දැඩි විරෝධය හමුවේ පැවැත්වීමට ගිය නීති විද්‍යාල විභාගය කල් දමයි

ශිෂ්‍යයින් 1500කගේ සහභාගීත්වයෙන් කොළඹ නීති විද්‍යාලයේ දී හා ලුම්බිණි විද්‍යාලයේ දී පැවැත්වීමට ගිය ශ්‍රී ලංකා නීති විද්‍යාල අවසන් වසර විභාගයේ අවසන් විෂයන් දෙක දින නියමයක් නොමැතිව කල් දැමීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව තීරණය කර තිබෙනවා.

අගෝස්තු 12 දින නිකුත් කළ නිවේදනයකින් ඒ බව පවසා ඇති අතර නව දිනයන් පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව ද නීති විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති නීතිඥ ශෙහාන් සී. පෙරේරා පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top