දිවයින පුරා පැතිර යන වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර සංචිත පහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය පවසනවා.
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට දෛනිකව රුධිර අවශ්‍යතාවය ඒකක 950ත් 1000ත් අතර පවතින බවයි. එම ප්‍රමාණය දෛනිකව සපයා ගැනීම මේ වනවිට අසීරු වී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
දිවයිනේ ඕනෑම රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කිරීමට හැකි බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.
0115332153 හෝ 0115332154 යන දුරකරථන අංක ඔස්සේ වේලාවක් වෙන්කරගෙන රුධිරය පරිත්‍යාග කිරීම සිදු කළ හැක.

