විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යටතේ ඇති ලංකා විදුලිබල මණ්ඩලය 2021 ජූනි 30න් අවසන් කාර්තුව තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 4.37 ක ලාභයක් වාර්තා කර ඇති බව එම මණ්ඩලය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සිය නවතම මූල්‍ය වාර්තා උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුව තුළ දී මණ්ඩලය විසින් රුපියල් බිලියන 8.92 ක අලාභයක් ලබා තිබුණු අතර මෙලෙස ලාභයක් ලැබීමට හැකිවීම අතිශය සුවිශේෂී සිදුවීමක් බවයි.
එම ලාභය හේතුවෙන් විදුලිබල මණ්ඩලය 2021 පළමු අර්ධය තුළ දී වාර්තා කර ඇති අලාභය රුපියල් බිලියන 4.54 ක් දක්වා අඩුවනු ඇති බව ද මණ්ඩලය පෙන්වා දෙයි.
2021 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී මණ්ඩලය විසින් අදායම ලෙස රුපියල් බිලියන 61.75 ක් ලබා ඇත.
මේ අතර දේශපාලන ආරංචි පවසන්නේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එළැඹෙන 17 වන අඟහරුවාදා ජනමාධ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දීමට නියමිත බවයි.

