කොවිඩ්-19

විවාහ උත්සව හා පොදු ඒකරාශී වීම් තහනම්

වසංගත තත්වය උග්‍ර වීමත් සමග 2021 අගෝස්තු 17 දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අගෝස්තු 15 දින නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණ ගෙන ඇති බවයි.

ඒ අනුව, අද (15) මධ්‍යම රාත්‍රියේ සිට පොදු ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට අවසර ලබා නොදෙන බව ද ‌එම නිවේදනයේ සඳහන්.

එසේම, අවන්හල් තුල වරකට රැස්ව සිටිය හැක්කේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණක් වන අතර ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි ද රජය මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top