Business

ලීසිං හා ණය සහන දෙසැම්බරය දක්වා ලබා දෙන්නැයි ජනතාව රජයෙන් ඉල්ලයි

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ සිට මෙරටට බලපා ඇති වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙන්ම පුද්ගල ආර්ථිකය ද මුළුමනින්ම කඩා වැටී ඇති අතර රජය විසින් අවස්ථා කිහිපයක දී ණය හා ලීීසිං සහන ලබා දී තිබුණි. කෙසේ වෙතත් අද වනතෙක් මෙරට ජන ජීවිතය යථාවත් වී නොමැති අතර ඒ හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතන මගින් ලබා ගත් ණය හා ලීසිං පහසුකම් නැවත පියවීමට ගණුදෙනුකරුවන්ට අසීරු වී තිබෙනවා.

එවැනි තත්වයක් තුළ මරණ ද ඉහළ යමින් කොරෝනා වෛරසයේ බරපතලම අවධිය පසු කරමින් සිටින අවස්ථාවක බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නැවතත් වසා දමමින් සිටින තත්වයකට පත්ව ඇති අතර නැවතත් ණය හා ලීසිං ගැටළුවලට ජනතාව මුහුණ දී සිටිනවා. මේ හේතුවෙන් ණය හා ලීසිං පහසුකම් සඳහා ලබා දී තිබූ ණය සහනය මේ වසර අවසානය දක්වාම ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සංචාරක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දැනට එම ණය සහනය දෙසැම්බර් දක්වා ලබා දී ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා. එබැවින් එම සහනය සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ලබා දෙන්නැයි ‌ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top