ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා ප්‍රභේද අතරින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මෙරටින් සොයාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අගෝස්තු 17 අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවයි.
කොවිඩ් රෝගය පැතිර යාම වේගවත් වීමට එම තත්වය හේතු වී තිබිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

