කොවිඩ්-19

කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මංගල සමරවීර පිළිබඳ පැතිර යන පුවත් අසත්‍යයයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී. මේ සම්බන්ධයෙන් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා විසින් අසත්‍ය පුවතක් නිර්මාණය කර එය ප්‍රචාරය කරමින් පවසන්නේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍යවරයා මියගොස් ඇති බවට වාර්තා පළ වන බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබමින් සිටින රෝහලෙන් කළ විමසීමක දී ඔවුන් තහවුරු කර සිටියේ අදාළ තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බවයි. මේ වනවිට හිටපු මන්ත්‍රීවරයා පූර්ණ වෛද්‍ය අධීක්ෂණය මත ප්‍රතිකාර ලබමින් සිටින බව ඔවුන් තහවුරු කළා.

Rivira FB Group Rivira Youtube
To Top