ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 වනවිට 6,604ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල දත්ත පද්ධතිය දක්වනවා.
ඒ අනුව, අගෝස්තු මස පළමු දින 17 තුළ දී පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,096ක් වන අතර මෙතරම් සුළු කාලයක දී මෙරට දී වාර්තා වූ ඉහළම මරණ ගණන මෙයයි. මෙම පිරිස අතර වයස අවුරුදු 30 අඩු පුද්ගලයින් 14 දෙනෙකු ද සිටිනවා.
මේ වනවිට මෙරට සමස්ත මරණ අනුපාතය 1.78%ක් වන අතර අගෝස්තු මස දී පමණක් එම අනුපාතය 3.46%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අගෝස්තු මාසය තුළ දී පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 60,520කි.
අගෝස්තු මාසය තුළ දී දෛනික මරණ සාමාන්‍ය 123ක් පමණ වේ. එනම් දිනකට මරණ 123ක් තරම් ඉහළ ප්‍රමාණයක් වාර්තා වන තත්වයක් මතුව ඇත.



