කොවිඩ්-19

සති දෙකකට රට වැසීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය

වසංගත තත්වයේ වේගවත් ව්‍යාප්තියත් සමග පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් අනුව, සති දෙකක කාලයක් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. මත්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් ද මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමත් සමග අදාළ තීරණය ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අදාළ පාර්ශව වෙත උපදෙස් ලැබී ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යමින් ජන ජීවිතය අඩාල නොවන පරිදි මෙම තීරණය ගත යුතු බව ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවට උපදෙස් ලබා දී ඇති අතර නිශ්චිත සැළසුමකින් තොරව රට වසා දැමීමෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාක ඇති විය හැකි බවට එම විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මේ අනුව, අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව හැකි ඉක්මණින් සති දෙකක කාලයක් සඳහා රට වසා දැමීම සිදුවිය හැකි බව එම ආරංචි මාර්ගා වැඩිදුරටත් පවසනවා. මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සඳහන් කළේ “මොනවා උනත් රට වසා නොදමන ස්ථාවරයක” ආණ්ඩුව නොමැති බවයි. සෞඛ්‍ය බලධාරීන්ගේ හා ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගනු ඇති බව ඔවුන් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top