ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 19 වන බ්‍රහස්පතින්දා පස්වරු 09.00 වනවිට 6,790ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අගෝස්තු 18 දින සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ නව මරණ 186ක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 19 දින නිවේදනය කිරීමත් සමගයි.
ඒ අනුව අලුතින් තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 111 දෙනෙකු සහ කාන්තාවන් 75 දෙනෙකු සිටී. එසේම, මෙතෙක් එන්නත්කරණය සිදුනොකළ වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද නිරීක්ෂණය වේ.
වයස 30ට අඩු – 04
වයස 30 – 59 – 35
වයස 60ට වැඩි – 147
මේ අනුව, මෙරට ජනගහනයට මිලියනයකට වාර්තා වන මරණ ගණන 314 ඉක්මවා තිබෙනවා.

