Covid-19

Breaking: අගෝස්තු 20 රෑ 10 සිට දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2021 අගෝස්තු 20 පස්වරු 03.06ට)

දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අද රාත්‍රී 10 සිට දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා. අගෝස්තු 20 දින විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ බව නිවේදනය කළා. ඒ අනුව, මෙම නිරෝධායන ඇඳිරි නීතිය අගෝස්තු 30 දින අලුයම 4 දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යා හැකි බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, නිරෝධායන ඇඳිරිනිතිය පනවා ඇති කාලය තුළ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම සඳහා නිවසට ගොස් එය සිදු කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top