නවසීලන්තය විසින් හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 25 දින වනවිට 3,159ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් 2,803 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර 356 දෙනෙකුට වෛරසය වැළඳී ඇතැයි එරට සෞඛ්‍ය අංශ අනුමාන කරනවා.
එරට අග්‍රාමාත්‍යවරියන වන ජෙසින්ඩා ආර්ඩන් විසින් දැඩි පාලනයකින් යුතු ව කොරෝනා වසංගතයට මුහුණ දුන් අතර රෝගියෙකු වාර්තා වූ සැනින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට පවා කටයුතු කර තිබුණා. එවැනි තත්වයක් තුළ නවසීලන්තයෙන් ඊයේ දිනයේ දී තවත් කොරෝනා අසාදිතයින් 62 දෙනෙකු හමු වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනා සමාජයෙන් හඳුනාගත් ආසාදිතයින් ලෙස නවසීලන්තය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට එරට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 246ක් වන අතර සමස්ත ආසාදිතයින් අතරින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම, 2,887 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා තිබෙනවා.

