සෞඛ්‍ය

හිතුමනාපෙ දරුවන්ට බෙහෙත් දෙන්න එපා ‌- වෛද්‍ය නලින් කිතුල්වත්ත

සමාජ මාධ්‍ය පිටු විසින් ඇතැම් විටෙක වෛද්‍යවරුන් පවා උපුටා දක්වමින් විවිධ ‌ඖෂධ වර්ග භාවිතා කිරීම සඳහා පොළඹවනු ලබන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි.

මෙහිදී දරුවන්ට පවා ඇතැම් ඖෂධ ලබාදෙන ලෙස එම පෝස්ට් මගින් උපදෙස් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” BIG FOCUS වැඩ සටහනට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා අදහස් පළ කරමින් පවසා සිටියේ දෙමව්පියන්ගේ හිතුමනාපය පරිදි දරුවන්ට විටමින් C ලබාදීම නුසුදුනු බවයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ දිනවල දරුවන්ට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍යවල විවිධ බෙහෙත් වර්ග පිළිබඳව සඳහන් කරන බවයි.
“සමාජ මාධ්‍යයෙන් දැකලා තියෙන, ඔබට හිතෙන එක එක බෙහෙත් වර්ග දරුවන්ට ලබාදෙන්න එපා. ඒක සමහර වෙලාවට දරුණු ආබාධ ඇතිකරන්න පුළුවන්. දෙමව්පියන්ට හිතෙන පරිදි දරුවන්ට විටමින් C දෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මොකද දරුවන්ට විටමින් C කොච්චර දෙන්න ඕනෙද කියලා කවුරුත් දන්නේ නෑ. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවෙන් පැරසෙටමෝල් ලබාදෙන්න. ඊට වඩා දෙයක් තියෙනවා නම් රෝහලකට හෝ වෛද්‍යවරයෙකු හමුවෙලා වෛද්‍ය උපදෙස් අනුව පමණක් ලබාදිය හැකි ඖෂධ පමණක් ලබාදෙන්න.”

Rivira FB Group Rivira Youtube
To Top