කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ‌නිල කොවිඩ් ආසාදිතයෝ ලක්ෂ 4 ඉක්මවයි

(RIVIRA.LK, 2021 අගෝස්තු 25, පස්වරු 03.00ට)

ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 25 වන බදාදා පස්වරු 02.40 වනවිට 403,285ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ආසාදිතයින් පිළිබඳ දත්ත නිවැරදි කිරීමත් සමගයි.

ඒ අනුව, දිනය තුළ නව ආසාදිතයින් 4,446 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 190ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 346,767කි. සමස්ත ආසාදිතයින් අතුරින් 7,750 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 46,605ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව මේ වනවිට ලොව 60 වන ස්ථානය ‌දක්වා ඉහළට පැමිණ ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකා 58 වන ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ ලොව 43 වන ස්ථානයේ යි.

Rivira FB Group Rivira Youtube
To Top