2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අගෝස්තු 25 දින සඳහන් කළා.
ඉතාමත් රහසිගත ආකාරයෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු වන බව පෙන්වා දුන් පොලිස්පතිවරයා සඳහන් කළේ මහජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවයි.
කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් මහජනතාවට නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන පිළිබඳ සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව ද පොලිස්පතිවරයා සඳහන් කළා.
මුස්ලිම් ජාතික ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 723 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරුවන් 311 දෙනෙකු රඳවා ගෙන සිටින බවත් පොලිස්පතිවරයා පවසනවා. එසේම, දුරකථන ඇමතුම් 100,000කට අධික ප්‍රමාණයක් විශ්ලේෂණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

