දේශපාලන

ජවිපෙ වසන්ත සමරසිංහ පැමිණිලි කර ඉවත් කළැයි කී ඉරාජ්ගේ සමාජ මාධ්‍ය පිටුව යාවත්කාලීන වෙයි

තම දුරකතන අංකය සහිත ව්‍යාජ තොරතුරක් නිර්මාණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉරාජ් වීරරත්නගේ සමාජ මාධ්‍ය පිටුව ෆේස්බුක් වෙතින් ඉවත් වී ඇති බව ඇඟවෙන ප්‍රකාශයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කිරීමත් සමග සිය ‌නිල ෆේස්බුක් පිටුව යාවත්කාලීන කිරීමට සංගීතඥ ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ නොපෙනුන අදාළ පිටුව වසන්ත සමරසිංහගේ ප්‍රකාශයත් සමග යාවත්කාලීන කිරීම සමග ඇතැමුන් පවසන්නේ ඉරාජ් විසින් වසන්ත සමරසිංහගේ ප්‍රකාශය හාස්‍යයට ලක් කිරීමට කර ඇති කටයුත්තක් ලෙසයි. කෙසේ වෙතත් එම පිටුවේ අන්තර්ගතයන් සියල්ල ඉවත් කර ඇති බව ද නිරීක්ෂණය වේ.

Rivira FB Group Rivira Youtube
To Top