(RIVIRA.LK, 2021 අගෝස්තු 27 පස්වරු 01.20ට)
දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අගෝස්තු 20 දින රාත්‍රී 10 සිට දිවයිනටම බලපාන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දින අලුයම 4 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.
අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වන මෙම ඇඳිරි නීතිය මීට පෙර නියම කර තිබුණේ අගෝස්තු 30 දක්වා බලපැවැත්වෙන බවයි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 6 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) August 27, 2021
සම්බන්ධිත පුවත්
Breaking: අගෝස්තු 20 රෑ 10 සිට දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

