ශ්‍රී ලංකාවේ දී තහවුරු කර ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අගෝස්තු 31 වන අඟහරුවාදා පස්වරු 05.45 වනවිට 9,185ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යායතනයේ නිල දත්ත පද්ධතිය දක්වනවා.
ඒ තවත් මරණ 194ක් සමස්ත මරණ අතරට එක් කිරීමත් සමගයි. මේ වනවිට මෙරට මරණ අනුපාතය 2.09%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට නිකුත් කර ඇති වාර්තා අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අගෝස්තු 31 දින පස්වරු 05.45 වනවිට 438,421ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 374,156කි. සක්‍රීය ආසාදිතයින් ගණන 55,080ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


