ව්‍යාපාර

සහල් සහ සීනි සඳහා හෙට සිට පාලන මිලක්!, තොග හැංඟුවොත් රාජසන්තකයි

සැප්තැම්බර් 02 සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය තීරණය කරනු ඇති බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

සැප්තැම්බර් 01 දින පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා විසින් මේ බව හෙළි කරනු ලැබුවා.

අත්‍යවශ්‍ය සේවා සැපයීම උදෙසා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් පාලන මිලක් පැනවීමෙන් පසුව එම ආහාර ද්‍රව්‍ය සැඟවීම බරපතල වරදක් වන අතර එසේ සිදුකරනු ලැබුවහොත් එම ආහාර ද්‍රව්‍ය රාජසන්තක කර පාරිභෝගිකයින් වෙත බෙදාහැරීමට රජය කටයුතු කරනු ලබයි. හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බැවින් එම ක්‍රියා අධිකරණයක් හමුවේ අභියෝග කිරීමේ අවස්ථාව ද ව්‍යාපාරිකයින්ට අහිමි වී තිබෙන අතර වසංගත තත්වයක දී කූට වෙළෙඳුන්ගේ අයහපත් ක්‍රියා මැඩපවත්වන මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි මහජන ප්‍රසාදයක් පළ වී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top