සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සාධනීය ප්‍රතිචාරය තමා බලාපොරොත්තු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටී.
අගෝස්තු 31 දිනැති ලිපිය මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක වෙත ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට අදාළ සම්පූර්ණ ලිපිය පහතින්.


